T20 ලෝක කුසලාන අවසන් මහා තරගයට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්..!
By Sewvandhi
8වැනි ICC පිරිමි T20 ලෝක කුසලානය 2022 අවසන් මහා තරඟය සඳහා තරඟ නිලධාරීන්ගේ පත්වීම් ප්‍රකාශයට පත් කර තිබේ.
2022 ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයේදී විනිසුරු මාරයිස් ඉරැස්මස් සහ කුමාර් ධර්මසේන පත් කර තිබේ. නොවැම්බර් 13 වැනි දින මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
තරගයේ රූපවාහිනී විනිසුරුවරයා ලෙස ක්‍රිස් ගෆනි කටයුතු කරන අතර සිවුවැනි විනිසුරුවරයා ලෙස පෝල් රීෆල් කටයුතු කරයි.
අවසන් මහා තරගය තරග තීරක රංජන් මඩුගල්ල විසින් අධීක්ෂණය කරනු ලබයි.
අවසන් මහා තරගය සඳහා තරග නිලධාරීන්:
තරග තීරක: රන්ජන් මඩුගල්ල
පිටියේ විනිසුරුවන්: මාරයිස් ඉරැස්මස් සහ කුමාර් ධර්මසේන
රූපවාහිනී විනිසුරු: ක්‍රිස් ගෆනි
හතරවන විනිසුරු: පෝල් රීෆල්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |