ඛේදජනක පාසල් බස් රථ අනතුරකින් 7 දෙනෙකු ජීවිතක්ෂයට..
By Piyumika
වයඹදිග සිරියාවේ පාසල් ළමුන් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගඟකට පෙරලීමෙන් මාරක අනතුරක් සිදුව ඇත.
මෙම අනතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
7-killed-as-අදාළ බස් රථය පාසල් ගමනක් යමින් සිටියදී ඉඩ්ලිබ් නගරයට බටහිරින් පිහිටි අයුන් අරා ප්‍රදේශයේ මාර්ගයෙන් ඉවතට ගොස් ඔරොන්ටෙස් ගඟට වැටී තිබේ.
බස් රථය මාර්ගයෙන් ඉවතට යාමට හේතුව කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැත.