පොලිසියෙන් අල්ලන් යනවට බයේ නඩු භාණ්ඩ සගවා ගත්ත තැන නිසා අවසානේ හිරේට කලින් රෝහලට යන්න වෙලා ..

By Piyumika Nov 03, 2024 04:09 AM GMT
Report

 මත්කුඩු ජාවාරම්කරුවෙක් පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟ තමන් සන්තකයේ තිබූ මත්කුඩු ගිල දැමීමෙන් පසුව ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

උත්සව සමයේ කුකුළු මස් වල මිල ඉහළ දැමීමට සැලසුමක් ...

උත්සව සමයේ කුකුළු මස් වල මිල ඉහළ දැමීමට සැලසුමක් ...

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මාරවිල – තෙප්පම්පොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක පුද්ගලයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම සැකකරු ඊයේ (02) අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී සැකකරු පොලිසිය වෙත රැගෙන යන අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය මෙලෙස ගිලදමා තිබෙනවා.

කළුතර බිහිසුණු පුද්ගල ඝාතනයක් ..

කළුතර බිහිසුණු පුද්ගල ඝාතනයක් ..

අනතුරුව පොලිස් නිලධාරීන් විසින් ඔහුව ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

මොහු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 5275ක් ද සොයාගෙන ඇති අතර, සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.