මත්ද්‍රව්‍ය හා අවි රැගත් ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

Report

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ගැඹුරු මුහුදු කලාපයේදී නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ නාවික මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් බවට සැකකෙරෙන උර සහ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම යාත්‍රාව දැනට ගොඩබිමට රැගෙන එමින් පවතින අතර, එහි තොගයන් පිළිබඳ වැඩිදුර විමර්ශන හා නීතිමය ක්‍රියාමාර්ග සඳහා බලධාරීන්ට භාර දීමට නියමිත බව නාවික හමුදාව ප්‍රකාශ කර ඇත.

ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීමේ අරමුණින් දිවයින වටා ඇති මුහුදු කලාපයන්හි නාවික හමුදාව නිරන්තරයෙන් මෙවැනි විශේෂ මෙහෙයුම් සිදු කරමින් සිටින බවත්, මෙම අත්අඩංගුවට ගැනීම එහි ප්‍රතිඵලයක් බවත් සඳහන් වේ.

මෙම සිදුවීම මෑතකදී මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය හා තහනම් ආයුධ ජාවාරම් සම්බන්ධයෙන් සිදු වන අත්අඩංගුවට ගැනීම් මාලාවකට එකතු වේ.

තෙල් තොග මුදා හැරීම මේ මොහොතේ සිට නවත්වනවා - G7 රටවල් එක්වෙයි

තෙල් තොග මුදා හැරීම මේ මොහොතේ සිට නවත්වනවා - G7 රටවල් එක්වෙයි

“හෝමූස් වසා තෙල් නවත්වනවා” – ඉරානයට ට්‍රම්ප්ගෙන් දැඩි යුධ අනතුරු ඇඟවීම

“හෝමූස් වසා තෙල් නවත්වනවා” – ඉරානයට ට්‍රම්ප්ගෙන් දැඩි යුධ අනතුරු ඇඟවීම