දකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය බවට සැක බෝට්ටුවක්
දික්ඕවිට ධීවර වරායට මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකරන බෝට්ටුවක් සහ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන රැගෙන ආ බව සදහන් වේ.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් මෙම විශේෂ මෙහෙයුම සිදු කර ඇති අතර, බෝට්ටුව සහ සැකකරුවන් දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබී ඇත.
මත්ද්‍රව්‍ය තොගයේ විස්තර හෝ මත්ද්‍රව්‍ය වර්ගය මෙතෙක් නිල වශයෙන් නිකුත් කර නොමැති නමුත්, සැකකරුවන් සහ යාත්‍රාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට භාර දීමට නියමිතය.
නාවික හමුදාවේ දිගුදුර මෙහෙයුම් බළ ඇණිය හා වෙරළාරක්ෂක බලකාය යොදාගෙන සිදු කළ මෙම මෙහෙයුම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව ක්‍රියාත්මක වන දැඩි පියවරයන්ගෙන් එකකි.
වැඩිදුර විමර්ශන පොලීසිය හා නාවික හමුදාව එක්ව සිදු කරයි.