STF හදිසි වැටලීමක් - වෙඩික්කරුවකු කොටු වෙයි
ඊයේ (31) දින පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුර විසින් සිදුකළ වැටලීමකදී වෙඩිතබා පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පොලිස් වසමේ හිගුරාන ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු පසුගිය ජුලි 11වනදා හිරණ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතබා තුවාල සිදු කිරීම හා පානදුර පොලිස් වසමේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන හිගුරාන ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහු අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13ක් තිබි සොයාගෙන තිබේ. සැකකරු සම්බන්ධයෙන් දමන හා හිරණ පොලිස් ස්ථාන සහ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.