ගුවන් සේවිකාවන්ට ලිංගික හිරිහැර කළ තවත් මගියාට වැඩ වරදි!

SriLankan Airlines Sri Lanka Police Bandaranaike International Airport
By Shehan Mar 16, 2025 09:31 AM GMT
Shehan

Shehan

Report

මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් යානයකදී ගුවන් සේවිකාවන්ට ලිංගික අතවරයක් සිදුවූ බව වාර්තා වූ අතර, ඊයේ (15) තවත් එවැනි සිදුවීමක් සිංගප්පූරුවේ සිට කටුනායක දක්වා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 309 ගුවන් යානය තුළ සිදුව ඇත.

මෙම සිද්ධියේදී ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ බීමත් ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (15) රාත්‍රියේදී කටුනායක ගුවන්තොටුපළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහින්දගෙයි අනුරගෙයි මාධ්‍ය ප්‍රකාශකයින් ගැටේ - මිලියන 600ක වන්දි ඉල්ලයි!

මහින්දගෙයි අනුරගෙයි මාධ්‍ය ප්‍රකාශකයින් ගැටේ - මිලියන 600ක වන්දි ඉල්ලයි!

අතුරුගිරියේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු එම ප්‍රදේශයේ වැඩපොළක් පවත්වාගෙන යන බව වාර්තා වේ.

වාර්තා අනුව, සැකකරු ගුවන් සේවිකාවන් සිටි කුටියකට ගොස් ඔවුන් ස්පර්ශ කිරීමට උත්සාහ කර ඇත. බීමත්ව සිටි ඔහු ගුවන් සේවිකාවන්ගේ විරෝධය නොතකා, ඔවුන් සිපගැනීමට සහ රහස්‍ය ප්‍රදේශ ස්පර්ශ කිරීමට අඛණ්ඩව උත්සාහ දරා ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

රට රැකියාවකට යන්න කලින් මේ අංකයට කතා කරන්න!

රට රැකියාවකට යන්න කලින් මේ අංකයට කතා කරන්න!

ගුවන් සේවිකාවන් දෙදෙනා මෙම සිද්ධිය ගුවන් යානයේ නියමුවාට වහාම දැනුම් දී ඇත. රාත්‍රී 10.00ට පමණ සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන්තොටුපළට පැමිණි එම ගුවන් යානය ගොඩබැස්වීමෙන් පසු, නියමුවා විසින් කටුනායක ගුවන්තොටුපළ පාලක මැදිරියට මේ ගැන දැනුම් දී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් සැකකරුව අත්අඩංගුවට ගෙන කටුනායක පොලිසියට භාර දී ඇත.

පොලිසිය විසින් ගුවන් සේවිකාවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, ඔවුන්ගේ පැමිණිල්ල මත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දී තිබේ.

රට යන සිහින සැබෑ කරගන්න ඔබටත් මෙන්න අවස්ථාවක්

රට යන සිහින සැබෑ කරගන්න ඔබටත් මෙන්න අවස්ථාවක්

සැකකරු බීමත් බවට සැක කළ පොලිසිය, ඔහුව මීගමුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ අතර, වෛද්‍ය පරීක්ෂණවලින් ඔහු අධික ලෙස බීමත්ව සිටි බව තහවුරු වී ඇත.

සැකකරු 2025 මාර්තු 16 වැනිදා කොළඹ අංක 01 මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් පවසයි. 

ReeCha