මහින්දගෙයි අනුරගෙයි මාධ්‍ය ප්‍රකාශකයින් ගැටේ - මිලියන 600ක වන්දි ඉල්ලයි! VIDEO UPDATED

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ සිසිර සෙන්පති කහවත්ත මහතාගෙන් රුපියල් මිලියන 600ක වන්දියක් ඉල්ලමින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන නීතිඥ මනෝජ් ගමගේ මහතා නීතිඥ ඩී.එම්.එම්.එම්. විජයරත්න මහතා හරහා එන්තරවාසියක් යවා ඇත.

මෙම එන්තරවාසියේ සඳහන් වන්නේ, ජනාධිපති මාධ්‍ය අංශයේ දේපළ අවභාවිත කරමින්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදී ප්‍රකාශ වූ කරුණු විකෘති කර, මනෝජ් ගමගේ මහතාට එරෙහිව අසත්‍ය තොරතුරු ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති බවයි.

ජාතික ආරක්ෂාවට තර්ජන දෙකක්! - අනුර කියූ බව BBCය හෙළිකරයි!

ජාතික ආරක්ෂාවට තර්ජන දෙකක්! - අනුර කියූ බව BBCය හෙළිකරයි!

එම සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන පරිදි, මනෝජ් ගමගේ මහතා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටිමින් බාල බෙහෙත් ගෙන්වීමට නිලධාරීන්ට බලපෑම් කළ බවට කිසිදු සාක්ෂියක් හෝ කරුණක් අනාවරණය වී නොතිබියදී, ඔහු එසේ කළ බවට ජනතාව අතර අසත්‍ය ප්‍රකාශයක් පතුරවා, තම සේවාදායකයා කෙරෙහි රටේ මහජනතාව තුළ බරපතල ද්වේශයක්, අප්‍රසාදයක් හෝ අපකීර්තියක් චේතනාන්විතව හා ද්වේශ සහගතව ඇති කිරීමට උත්සාහ දරා ඇති බවද එන්තරවාසිය මගින් පෙන්වා දී ඇත. 

අදාළ එන්තරවාසිය පහතින් දැක්වේ;


Gallery