ලෝකෙම අවධානය දිනමින් ප්‍රකාශයට පත් කළ ඉන්දීය විස්සයි20 සංචිතය - සූර්යා විසි වෙද්දි 15 හැවිරිදි වෛභව් කැඳවයි

Report

ඉන්දියාවට මෙවර විස්සයි20 ලෝක කුසලානය දිනාගැනීමට නායකත්වය දුන් සූර්යකුමාර් යාදව්, ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත එංගලන්ත හා අයර්ලන්ත සංචාරයෙන් ඉවත්කර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව අඳාළ සංචාරයට එක්වන ඉන්දීය විස්සයි20 සංචිතය අද (6) දින ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රෙයාස් අයියර් එහි එහි නායකයා වශයෙන් නම්කර තිබෙනවා.

එමෙන්ම ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව පැවති IPL තරගාවලියේ දී සූර්යකුමාර් දැක්වූ දුර්වල දක්ෂතා නිසා මෙසේ ඔහු නායකත්වයෙන් මෙන්ම සංචිතයෙන් ඉවත් කර ඇති බවයි.

තුන්කොන් එක්දින සටනට, ඉන්දීය A කණ්ඩායම දිවයිනට

තුන්කොන් එක්දින සටනට, ඉන්දීය A කණ්ඩායම දිවයිනට

එසේම IPL තරගාවලියේදී සුවිශේෂී දක්කම් දැක්වූ 15 හැවිරිදි වෛභව් සූර්යවංශිද මෙම තරග සංචාරය කැඳවා තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුට ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩාකිරීමට අවස්ථාවක් ලැබුණහොත් ඔහු සචින් තෙන්ඩුල්කාර්ගෙන් අනතුරුව ඉන්දීය පිරිමි කණ්ඩායමක් ක්‍රීඩා කරන ලාබාලතම ක්‍රීඩකයා බවට පත් වේ.

ලෝක කුසලානයේ ලොකුම ආන්දෝලනය - ක්‍රීඩාංගණවල ජල බෝතල් තහනම් කරයි

ලෝක කුසලානයේ ලොකුම ආන්දෝලනය - ක්‍රීඩාංගණවල ජල බෝතල් තහනම් කරයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට පහරක්- ෂෝන් ටේට් ඉල්ලා අස්වෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට පහරක්- ෂෝන් ටේට් ඉල්ලා අස්වෙයි