සුරේෂ් සලේගේ රිට් පෙත්සමට අභියාචනාධිකරණයෙන් අද ලැබුණු තීන්දුව

Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 21 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (17) නියම කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සිදු විය.

විශේෂ නව නීතියක් - මෙහෙම නැත්නම් ආයේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන් තහනම්

විශේෂ නව නීතියක් - මෙහෙම නැත්නම් ආයේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන් තහනම්

මෙහිදී පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විසින් අද දින අධිකරණය හමුවේ වැඩිදුර කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

එම කරුණු දැක්වීම්වලින් අනතුරුව පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීමේ කටයුතු ලබන 21 වනදා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.

සූදානම් වෙන්නයැයි දැනුම්දෙමින් මේ දිස්ත්‍රික්ක සියල්ලටම රජයෙන් විශේෂ අනතුරු ඇගවීමක් - හෙට දක්වා වලංගුයි

සූදානම් වෙන්නයැයි දැනුම්දෙමින් මේ දිස්ත්‍රික්ක සියල්ලටම රජයෙන් විශේෂ අනතුරු ඇගවීමක් - හෙට දක්වා වලංගුයි