පේරාදෙණිය විශ්වවිද්‍යා‍ලයේ අයට සුබ පණිවුඩයක් - මීට පස්සේ මෙවැනි හිංසන වෙන්නේ නෑ - ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ම උපදෙස්

Report

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය හා සිසුන් ස්ත්‍රී පුරුෂභාවය වැනි ලිංගිකත්වය මත පදනම් වූ හිරිහැරයන්ට හා ලිංගික හිංසනයන්ට ලක්වීම වැළැක්වීමට වූ ප්‍රතිපත්ති බලාත්මක කිරීමට සුදුසු පියවර ගන්නා මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම විශ්වවිද්‍යාලයට සහ එහි පාලක සභාවට උපදෙස් නිකුත් කර ඇත.

ඒ අනුව වෛද්‍යවරියක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් පසුව ප්‍රියන්ත ප්‍රනාන්දු, අචල වෙංගප්පුලි යන විනිසුරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

පෙත්සම්කාරිය අදාළ විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍යවරියක් ලෙස සේවය කරන අතර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙසද කටයුතු කරන බව තීන්දුවේ දැක්වේ. පෙත්සම්කාරිය කථිකාචාර්යවරියක් ලෙස පරිවාස කාල සීමාවේ කටයුතු කරන අවස්ථාවේ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

කපිල නිසා මහින්ද කොටු වෙයිද? උණුසුම මැද අද අල්ලස් කොමිසමට

කපිල නිසා මහින්ද කොටු වෙයිද? උණුසුම මැද අද අල්ලස් කොමිසමට

ඒ අනුව පෙත්සම්කාරිය අදාළ වෛද්‍ය පීඨයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටි අවස්ථාවේ පළමුවන වගඋත්තරකාර මහාචාර්යවරයාගේ අධීක්ෂණය යටතේ ඇය කටයුතු කර තිබෙනවා.

එහිදී 2017 වසරේ ජුලි මස 01 වන දින සහ 2018 වසරේ අප්‍රේල් මස 30 වන දා දක්වා කාල සීමාව තුළ පෙත්සම්කාරිය ලිංගික හිරිහැර සහ මානසික හිරිහැරවලට භාජනය වූ බව පවසමින් ඇයගේ මව විසින් වග උත්තරකාර මහාචාර්යවරයාට එරෙහිව එම විශ්වවද්‍යාලයේ උප කුලපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එබැවින් එම චෝදනාව විභාග කිරීමට 2018 වසරේ සැප්තැම්බර් මස 26 වන දින විශ්වවිද්‍යාලයේ උපකුලපති විසින් පරීක්ෂණ කමිටුවක් පත් කරන ලදි. වගඋත්තරකාර මහාචාර්යවරයාට එරෙහි චෝදනා විභාග කළ එම කමිටුව ඇතැම් චෝදනාවලට ඔහු වරදකරු කළ බව තීන්දුවේ සඳහන් වී ඇත.

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

අනතුරුව එම කමිටු වාර්තාව විශ්ව විද්‍යාලයේ පාලක කවුන්සිලයට ඉදිරිපත් කළ අතර එම කවුන්සලය විසින් එය 2020 වසරේ මැයි මස 30 වන දින ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කර තිබූ බවත් තීන්දුවේ දැක්වේ.

ඉන් පසුව එම තීරණයට එරෙහිව පෙත්සම්කාරිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළ අතර අනතුරුව තමන්ට සිදුවූ අසාධාරණය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම් විභාගයේ දී මූලික විරෝධතා මතුකළ වගඋත්තරකරුවන් පෙත්සම්කාරිය මුල් අවස්ථාවේදී තමන්ට සිදුවූ අසාධාරණය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට නොපැමිණි බැවින් ඇයගේ ඉල්ලීම කාලාවරෝධී වී ඇති බව ප්‍රකාශ කර සිටි බැවින් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ජනක් ද සිල්වා මහතා සඳහන් කර ඇත්තේ, වගඋත්තරකරුවන් ඉදිරිපත් කරන එම මූලික විරෝධතාවය අධිකරණය විසින් පිළිගැනීමට බල කෙරුණද සාධාරණ යැයි හැඟෙන නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් සතු බවයි.

අවුරුද්දක් යනකම් රත්තරන් ගන්න එපා - මහජන රැස්වීමේදී රටේ ජනතාවගෙන් ඉල්ලීමක්

අවුරුද්දක් යනකම් රත්තරන් ගන්න එපා - මහජන රැස්වීමේදී රටේ ජනතාවගෙන් ඉල්ලීමක්

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) උ ව්‍යවස්ථාව ප්‍රකාරව ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති රැකියාවක නිරත වීමට මූලික අයිතිය තහවුරු කර ඇති අතර ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව එම අයිතිය භුක්ති විඳීමට හැකියාව පවතින බව පෙන්වා දුන් විනිසුරුවරයා එවැනි ක්‍රියාවක නිරත වීමේදී ලිංගික හිංසනයන්ට භාජනය නොවී සිටීමට පරිසරයක් තිබිය යුතු බවත් සඳහන් කර ඇත.

එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම විශ්වවිද්‍යාලයට සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට උපදෙස් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පළමු වන වගඋත්තරකාර මහාචාර්යවරයා ඕනෑම විශ්වවිද්‍යාලයක අධ්‍යාපන ආයතනයක හෝ වෙනත් අධ්‍යාපන ආයතනයක වැටුප් ලබන හෝ වැටුප් රහිත ගෞරවනීය තනතුරක් පිළිගැනීම තහනම් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය උපදෙස් දී ඇත.

ඊසාන දෙසින් රට ළඟම තියෙන අඩුපීඩන කලාපයෙන් මුහුද කැළඹෙයි - ඉදිරි දින ගැන දිවයිනටම අනතුරු ඇඟවීමක්

ඊසාන දෙසින් රට ළඟම තියෙන අඩුපීඩන කලාපයෙන් මුහුද කැළඹෙයි - ඉදිරි දින ගැන දිවයිනටම අනතුරු ඇඟවීමක්

එසේම වැටුප් සහිත හෝ වැටුප් රහිත හෝ ගෞරවනීය පත්වීමක් වගඋත්තරකාර මහාචාර්යවරයාට ලබාදීමෙන් වැළකී සිටීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, සියලුම විශ්වවිද්‍යාල සහ එම විෂය පථයට අයත් අනෙකුත් ආයතන වෙත අධිකරණය විසින් තවත් උපදෙසක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඊට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය හා සිසුන් ස්ත්‍රී පුරුෂ භාවය වැනි ලිංගිකත්වය මත පදනම් වූ හිරිහැරයන්ට ලිංගික හිංසනයන්ට ලක්වීම වැළැක්වීම වෙනුවෙන් වූ ප්‍රතිපත්ති බලාත්මක කිරීමට හා දැනුවත් කිරීමට සුදුසු පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම විශ්වවිද්‍යාලයේ පාලක සභාවට වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

රැකියා ස්ථානයෙන් ප්‍රශංසා ලැබෙන අද මේ ලග්නවලට වාසි රැසක් - සුභ අසුභ තොරතුරු එක්ක දවසේ ලග්න පලාපල

රැකියා ස්ථානයෙන් ප්‍රශංසා ලැබෙන අද මේ ලග්නවලට වාසි රැසක් - සුභ අසුභ තොරතුරු එක්ක දවසේ ලග්න පලාපල