ජැෆ්නා කින්ග් කණ්ඩායමට සුපිරි ජයග්‍රහණයක්...

By Parami Dissanayake Jul 03, 2024 04:00 PM GMT
Report

අද (03) ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායමට එරෙහිව සුපිරි ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු 2ක් දැවී ලකුණු 191ක් රැස්කර ගැනීමට සමත් වූ අතර, එහිදී දඹුල්ල පිල වෙනුවෙන් කුසල් පෙරේරා නොදැවී පක්චු 52ක් තුළ ලකුණු 102ක් රැස්කර ගත් අතර , ඒ දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 10ක් ද සමගිනි. කුසල්ගේ මෙම ලකුණු සංඛ්‍යාව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල පිල වෙනුවෙන් පිතිකරුවෙකු රැස්කර වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා වුණා.

එක්ස්ප්‍රස් පර්ල් නඩුවට අතුරු නියෝගයක්...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවට අතුරු නියෝගයක්...

පන්දු යැවීමේ දී ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය. අනතුරුව පිටියට පැමිණි ජැෆ්නා කිංග්ස් පිල පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 197ක් රැස්කර ගෙන තරගය ජය ගැනීමට සමත් විය.

ජැෆ්නා පිල වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 34කදී ලකුණු 80ක් රැස්කර ගැනීමට සමත් වූ අතර, ඊට දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 7ක් ද ඇතුළත් වේ. නායක චරිත් අසලංක ලකුණු 50ක් රැස්කර ගත්තේය. තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට අවිශ්ක සමත් විය.