සැප්තැම්බර් 07 වෙනකම් ඉර ලංකාවට ඉහළින්ම- අද වැඩිම රස්නයක් දැනෙන නගර 5 මෙන්න
By Kanchana
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අද (31) දහවල් 12.10ට පමණ ශ්‍රී ලංකාවේ නගර පහකට සූර්යයා සෘජුවම මුදුන් වනු ඇත.
ඒ අනුව අද දිනයේ සූර්යයා ශ්‍රී ලංකාවට සෘජුවම ඉහළින් පිහිටන ආසන්නතම ප්‍රදේශ ලෙස නෙරියකුලම්, පූනේව, කැබිතිගොල්ලෑව, පන්කුලම් සහ සිංහපුර හඳුනාගෙන තිබේ.
සූර්යයා දකුණු දෙසට සිදුකරන සාපේක්ෂ චලනය හේතුවෙන් සැප්තැම්බර් 07 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ අක්ෂාංශවලට ඉහළින් සූර්යයා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.