පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ගමන් ගත් රථයක් හදිසි අනතුරකට ලක් වේ..
By Piyumika
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ගමන්ගත් රථය කිලිනිච්චිය ප්‍රදේශයේදී අනතුරකට ලක් වී ඇත.
මන්ත්‍රීවරයා ගමන් ගත් රථය යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ .ඊයේ (27) සවස එම අනතුර සිදුව ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
පොලීසිය පැවසූවේ කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් මන්ත්‍රීවරයාගේ රථය කිලිනොච්චිය 155 කිලෝමීටර කණුව ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටී ඇති බවය.
එම අනතුරින් මන්ත්‍රීවරයාට හෝ අනෙක් කිසිවෙකුට තුවාල සිදුනොවූ අතර, මන්ත්‍රීවරයාගේ වාහනයේ ඉදිරිපස කොටසකට සුළු හානියක් සිදුව ඇති බවයි වාර්තා වනුයේ .