අවුරුද්දක් ගියා නයන වාසල වෙනුවෙන් සංවේදී වූ සුජීවා

By Mithu Jul 10, 2025 08:13 AM GMT
Report

පසුගියදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටු ආයතනයක් විවෘත කිරීමට පැමිණි කේ සුජීවා සහ ඔහුගේ සැමියා වන නයන වාසල ඒ වගේම සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා යන පුද්ගලයන් දරුණු වෙඩි ප්‍රහාරයකට ලක් විය. එම වෙඩි ප්‍රහාරය සුරේන්ද්‍ර වසන්ත නැමැති පුද්ගලයා ඉලක්ක ගත කළ සිදුකෙරූ වෙඩි ප්‍රහාරයක් වුවත් එයින් කේ සුජීවා තුවාල ලැබූ අතර ඇයගේ ආදරණීය සැමියා වන නයන වාසල ජීවිතයෙන් සමු ගත්තා.

ට්‍රම්ප්ගෙන් ලංකාවටත් ලිපියක්, මීට පස්සේ අපනයනවලට සියයට 30 තීරු බද්දක්

ට්‍රම්ප්ගෙන් ලංකාවටත් ලිපියක්, මීට පස්සේ අපනයනවලට සියයට 30 තීරු බද්දක්

ඔහු ටික කාලයක් පැවිදි ජීවිතයක් ගත කෙරූ පුද්ගලයෙක් වූ අතර පසුකාලීනව සුජීවා දැන හැඳින ගැනීමත් සමගම නැවත වතාවක් ගිහි ජීවිතයට පැමිණි පුද්ගලයෙකි. නමුත් ඔහුත් සමග ගත කරන කාලය අතරතුර කේ සුජීවා ඉතාමත් සතුටින් සිටි බවත් ඔහුගේ වියෝව තවමත් ඇයට දරාගත නොහැකි බවත් ඇය සමාජ මාධ්‍ය වෙත සටහනක් එක් කරමින් සඳහන් කර තිබේ. ඇය එක් කෙරූ සටහන පහතින් උපුටා දක්වා ඇත.

කිරිපිටි මිල ඉහළට

කිරිපිටි මිල ඉහළට

"It still feels like yesterday We still can’t believe it’s been a year May his beautiful soul Rest In Peace"

තාමත් ඊයේ වගේ දැනෙනවා අවුරුද්දක් ගෙවිලා ගියා කියලා අපිට තාමත් විශ්වාස කරන්න බෑ ඔහුගේ සුන්දර ආත්මයට සාමය ලැබේවා"