විශ්වවිද්‍යාල සිසුවියක් සියදිවි හානිකර ගනී..අවාසනාවන්ත සිදුවීම මෙන්න.

Report

යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක් ඊයේ (17) සියදිවි නසාගෙන තිබෙන බවට වාර්තා වනවා.

කිලිනොච්චිය, කෝනාවිල් ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දී ඇය ගෙල වැලලාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ 22 හැවිරිදි වසන්තකුමාර් ඩිලක්සියා නමැති තරුණියක්.

එම තරුණිය ගෙල වැලලාගෙන සිටි අවස්ථාවේ ඇයගේ සහෝදරයා දැක වහාම ඇයව කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කළ අවස්ථාව වන විටත් ඇය මියගොස් සිට ඇති බවයි පැවසෙන්නේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඝාන්ඨාර කුළුණක ගෙල වැළලාගෙන පුද්ගලයෙක් මිය ගිහින් - විමර්ශනවල දී හෙළි වුණ දේ..

ඝාන්ඨාර කුළුණක ගෙල වැළලාගෙන පුද්ගලයෙක් මිය ගිහින් - විමර්ශනවල දී හෙළි වුණ දේ..