මා පිය නිවසට ගිය සාමනේර හිමිනම මහෙම තීරණයක් ගත්තේ ඇයි..
Sri Lanka Police
Sri Lanka
Death
By Piyumika
බලංගොඩ, කල්තොට, මොළමුරේ ප්රදේශයේ නිවසක් තුළ ගෙළ වැළලාගෙන සාමනේර හිමිනමක් අපවත් වී තිබෙනවා.
12 හැවිරිදි වියේ පසුවූ සාමනේර හිමිනමක් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි සඳහන් වනුයේ.
කල්තොට පොලිසිය පැවසුවේ මෙම සාමනේර හිමිනම ඊයේ (14) රාත්රියේ මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.
අදාළ හිමිනම පැවිදිවීමට පෙර මව්පියන් සමඟ රැඳී සිටි නිවස තුළ දී මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සදහා බලංගොඩ මූලික රෝහලට රැගෙන ඒමට කල්තොට පොලිසිය කටයුතු කර තිබෙනවා.
සිද්දිය සම්බන්දව කල්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.