නායක ස්වාමින් වහන්සේ සැතපී සිටියදී හිමි නමක් කරලා තියන දේ..
By Piyumika
වැලිකන්ද මඟුල්පොකුණ සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් විහාරස්ථානයේ ආවාසය තුළ ගෙල වැලලාගෙන සිය දිවි නසාගෙන ඇති බව වැලිකන්ද පොලිසිය වාර්තා කළේය.
මෙලෙස දිවි තොර කරගෙන ඇත්තේ අවුරුදු 64 ක් වයසති අරලගංවිල සෝභිතාලංකාර හිමියන් බව ඒ සම්බන්ධ පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය සඳහන් කර තිබේ.
උන්වහන්සේ වකුගඩු රෝගය, මීමැස්මොරය, හති ඇතුළු වේදනාකාරී රෝග කීපයකින් පෙළුන බව පැවසේ .
මෙකී හිමිනම ගෙල වැලලා ගන්නා ආකාරය විහාරස්ථානයේ තිබූ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබෙන බවද වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක සඳහන් කළේය.
හිමිනම ගෙල වැලලා ගන්නා විට නායක ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ සැතපී සිට ඇති බවද පොලිසිය කියයි.