සීනි මිල පහතට? - සීනි අර්බුදය විසඳන්න නව යෝජනාවක්

Report

දුඹුරු සිනි මත පනවා ඇති 18% වැට් බද්ද වහාම ඉවත් කළහොත් පමණක් සිනි කර්මාන්තශාලාවල පවතින අර්බුදය විසඳිය හැකි බව ගොවි අරගල ව්‍යාපාරය පවසයි.

සුදු සිනි කිලෝවක් රුපියල් 223කට හෝ ආසන්න මිලකටත්, දුඹුරු සිනි කිලෝවක් රුපියල් 257කට හෝ ආසන්න මිලකටත් සිල්ලර වෙළඳපොළේ අලෙවි වන බව එම සංගමයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා මහතා ප්‍රකාශ කළේය.

දුඹුරු සිනි මිල ඉහළ යාම හේතුවෙන් සිනි සමාගම්වල සිනි තොග ගොඩගැසී ඇති බවත්, එබැවින් දුඹුරු සිනි මිල සුදු සිනි මිල මට්ටමට හෝ ඊට අඩු මිලකට අලෙවි කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

පියුමි හංසමාලි කියන්නේ ලොකු බිස්නස් කාරියක් ද? - ඇමති අනිල් දන්නැති පියුමි

පියුමි හංසමාලි කියන්නේ ලොකු බිස්නස් කාරියක් ද? - ඇමති අනිල් දන්නැති පියුමි

දුඹුරු සිනි බද්ද අඩු කිරීමට නොහැකි නම්, ආණ්ඩුව මැදිහත් වී සිනි සමාගම් සතු තොග මිලදී ගත යුතු බවත්, සිනි අලෙවිය අඩුවීම නිසා පැල්වත්ත, සෙවනගල, හිඟුරාන සහ ඇතිමලේ ප්‍රදේශවල උක් ගොවීන්ට තම අස්වැන්න සිනි කර්මාන්තශාලාවලට අලෙවි කිරීමටවත් නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඔහු සඳහන් කළේය.

නියමිත කාලයට අස්වැන්න ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් ඉදිරි වගා කන්නය ප්‍රමාද වන බවත්, ඊට අමතරව ඉදිරියේදී බීජ ගැටලුවකට පවා ගොවීන්ට මුහුණ දීමට සිදුවන බවත් වත්තුහේවා මහතා වැඩිදුරටත් පැවසීය.

"මහින්දට නිවසක් - ජනතාව ඔප්පුවත් අරගෙන බලාගෙන ඉන්නවා" - දිලුම් අමුණුගම

"මහින්දට නිවසක් - ජනතාව ඔප්පුවත් අරගෙන බලාගෙන ඉන්නවා" - දිලුම් අමුණුගම

පළාත් සභා සටනට දයාසිරි උර දෙයි

පළාත් සභා සටනට දයාසිරි උර දෙයි