ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළඳපොලට
පොල් සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි පොල්තෙල් නිෂ්පාදකයන් 137 දෙනාගෙන් අධිකාරියේ ප්‍රමිති ලාංඡනය ලබා ඇත්තේ 19 දෙනෙක් පමණක් බව වාර්තා වේ. මෙම ප්‍රමිති ලාංඡනයෙන් තොර පොල්තෙල් පරිභෝජනයේ දී දැඩි ලෙස සැලකිලිමත් වියයුතු බව එම අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග පවසයි.
දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් හාරසිය පනහක් 2018 වසර වනවිට අධිකාරියේ ලියාපදිංචි වී සිට ඇත. මේ වනවිට එම ප්‍රමාණය 137 දෙනෙක් දක්වා අඩු වී ඇත්තේ පසුගිය සමයේ කර්මාන්තය පවත්වාගෙන යෑමට අධික පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් යැයි සභාපතිවරයා කීවේය.
පොල්තෙල් ප්‍රමිතිකරණ ක්‍රියාවලිය ආරම්භ කර ඇත්තේ 2018 වසරේ දී ය. තරු සලකුණු පහකින් යුත් මෙම ප්‍රමිති ලාංඡනය සහිත පොල්තෙල්වල ප්‍රමිතිය හා ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් අධිකාරිය වගකියන බව සභාපතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ තරු සලකුණු පහකින් යුතු අදාළ ප්‍රමිති සහතිකයට අමතරව ඉදිරියේ දී දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සඳහා ජී.එම්.පී. සහතිකය හෙවත් යහපත් නිෂ්පාදන පිළිවෙත් සහතිකය ලබාදීමට පියවර ගන්නා බවයි.
