සබ්මැරීනයක් අනතුරට ලක් වෙයි
By Dilasha
ඊජිප්තු රතු මුහුදේ සබ්මැරීනයක් අනතුරට ලක්වීමෙන් සංචාරකයින් 6 දෙනෙකු මියගොස් ඇති බව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගලවාගැනීමේ මෙහෙයුම්හි නිරතව සිටි නිලධාරින්ට අනතුරෙන් 39 දෙනෙකුම බේරාගැනීමට හැකි වූ බවත් සඳහන් වේ. ඊජිප්තුවේ හුර්ගාඩා වෙරළට කිලෝමීටරයක් පමණ දුරින් වූ මුහුදේ දී මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී එම සබ්මැරීනයේ රුසියානු, නෝර්වේ, ස්වීඩන් සහ ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් රැසක් සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මියගිය 6 දෙනාම රුසියානුවන් බවට මේ වනවිට හදුනාගෙන තිබේ.