එක්තැන් පියාගේ තුවක්කුව අරන් දඩයමේ ගිය සිසුවෙක් අත්අඩංගුවට ..
By Piyumika
නිතී විරෝධිව මෙරට නිෂ්පාදිත බෝර දොළහේ පතුරොම් තුවක්කුවක් රැගෙන දඩයමේ යමින් සිටි 17 හැවිරිදි සිසුවෙක් ඇහැටුවාගමදි අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හැළබවැව,ගාලදිවුල්වැව පදිංචි 17 හැවිරිදි සිසුවෙකි.
රිය අනතුරකින් පසුව නිවසේ එක්තැන්ව සිටින පියාට අයත් නිතී විරෝධිව මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සැකකාර 17 හැවිරිදි පුත්‍රයා විසින් භාවිතා කරන බවට පොලිසියට ලද තොරතුරක් මත මෙම පුද්ගලයා ගිනි අවියද සමඟ නොච්චියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.