අනේ අපොයි !..පාසල් සිසුවියක් කරලා තියන අපරාධයක්..
By Piyumika
අමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින්හි පෞද්ගලික ක්‍රිස්තියානි පාසලක සිදු වූ වෙඩි තැබීමකින් තිදෙනෙක් මියගොස් තිබෙනවා.
අදාළ වෙඩි තැබීම සිදු කර ඇත්තේ එම පාසලේ 17 හැවිරිදි සිසුවියක් බවයි විදෙස් මධ්‍ය වාර්තා කර සිටියේ.
එම වෙඩි තැබීමෙන් ගුරුවරයෙක් සහ සිසුවෙක් මියගොස් ඇති අතර, වෙඩි තැබීම සිදුකළ සිසුවිය ද පසුව සියදිවි නසාගෙන ඇති බව පැවසේ.
වෙඩි තැබීමෙන් තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා සඳහන් කරන්නේ.
එසේම වෙඩි තැබීමට හේතුව මෙතෙක් පොලිසිය විසින් සොයාගෙන නොමැති බවත්, සැකකරුගේ පවුලේ අය විමර්ශනයට සහයෝගය දක්වන බවත්, පොලිසිය සඳහන් කරනවා.
You may like this video