අටවන ජීවිතයත් මාරාන්තික උණ රෝගයට බිලිවේ ..

Jaffna Sri Lanka Jaffna Teaching Hospital Death
By Piyumika Dec 16, 2024 06:01 AM GMT
Piyumika

Piyumika

Report

යාපනයේදී මී උණ රෝගය වැළදුණු තවත් පුද්ගලයෙකු ඊයේ (15) යාපනය ශීක්ෂණ රෝහලේදී මියගොස් තිබෙනවා

මෙසේ මියගොස් ඇත්තේ, දින පහක කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනය කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක් වූ කිරුබාකරන් ක්‍රිෂන්තන් නැමති තරුණයෙක්.

මව ඝාතනය කර පුතාත් සියදිවි නසාගනී..

මව ඝාතනය කර පුතාත් සියදිවි නසාගනී..

ප්‍රථමයෙන් උණ රෝගය වැළදීමෙන් පසුව ඔහුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී කෝමා තත්ත්වයට පත්වීමෙන් පසුව යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා එහි ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු මිය ගොස් තිබෙනවා.

ඔහු පසුගිය කාලයේ කුඹුරු වැඩ වලට උදව් කළ අයෙකු බවයි පරීක්ෂණ වලින් හෙළි වී තිබෙන්නේ.

ආචාර්ය පට්ටම නිසා අධිකරණ ඇමති CIDයට..

ආචාර්ය පට්ටම නිසා අධිකරණ ඇමති CIDයට..

කරවෙඩ්ඩි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි. මේ වන විට මී උණ රෝගය හේතුවෙන් යාපනයේ පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබෙනවා.

You may like this video

ReeCha