ඇති වූ සැකයකට පරීක්ෂා කිරීමේදී 17 හැවිරිදි සිසුවෙකු ලග තිබී හමු වු දේ..
By Piyumika
තඹුත්තේගම පොලිසිය විසින් රුපියල් 500 ව්‍යාජ නෝට්ටු හයක් සන්තකයේ තබාගෙන තඹුත්තේගම බස් නැවතුම්පොළ රැඳී සිටි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොචියාගම උඩුනුවර ජනපදයේ පදිංචි (17) හැවිරිදි සිසුවෙකි.
සැකකරු ඊයේ (25) දහවල් තඹුත්තේගම බස් නැවතුම්පොළ අසල සැකකටයුතු ලෙස රැඳී සිටියදී , නැවතුම් පොලේ සිටි පොලිස් නිලධාරියකුට ඇති වූ සැකයක් මත තරුණයා පරීක්ෂාවට ලක් කර ඇත.එහිදී ඔහු සන්තකයේ තිබී රුපියල් 500ක ව්‍යාජ නෝට්ටු හයක් සොයාගෙන ඇත.
සැකකරුගේ තොරතුරු මත ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමේ උපකරණ රැසක් නිවසේ තිබී පොලිසිය අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
මේ වන විට තඹුත්තේගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.