පාසල් සිසුවෙක්ට ඊයේ රෑ සිදු වූ ගමක් කම්පා කළ අවාසනාවන්ත සිදුවීම මෙන්න..
ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් උල්පත්ගම වැලෑනේගම ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.
ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ, ගලෙන්බිඳුණුවැව ජාතික පාසලේ ඉගෙනුම උල්පත්ගම වැලෑනේගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක පාසල් සිසුවෙක් බවයි.
ඔහු ඊයේ (23) රාත්‍රී 7.45ට පමණ සිය නිවස තුළදී දිය නාමින් සිටින අතරතුර ජලය අවසන් වූ නිසා නිවසේ සවිකර තිබූ විදුලි මෝටරය ක්‍රියාත්මක කිරීමට යාමේදී මෙලෙස විදුලිය වැදී ඇති බවයි පොලිසිය පවසන්නේ.
පොලිසිය වැඩිදුරටත් සදහන් කරන්නේ, අසාධ්‍ය තත්ත්වයේ පසු වූ සිසුවා කඩිනමින් ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර සිසුවා මිය ගිය බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.