නිරිතදිග මෝසම සක්‍රීයයි - තද සුළං සහ රළු මුහුදෙන් බලපෑමට ලක්වන දිස්ත්‍රික්ක මෙන්න

Report

දිවයින පුරා නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීයව පවතින බැවින් ප්‍රදේශ රැසක තද සුළං තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඒ අනුව උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලද විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගවත් සුළං හමා යා හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම හම්බන්තොට සිට පොතුවිල් දක්වාත්, කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි බවද දැනුම් දී ඇත.

මෙම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.

ඉදිරියේදී සුළං සහ වැසි ඇතිවිය හැකි දිස්ත්‍රික් සහ පළාත් මෙන්න

ඉදිරියේදී සුළං සහ වැසි ඇතිවිය හැකි දිස්ත්‍රික් සහ පළාත් මෙන්න

සරුංගල් නූල නිසා රත්මලානේ නැවතුණු ගුවන් ගමන

සරුංගල් නූල නිසා රත්මලානේ නැවතුණු ගුවන් ගමන