තද සුළං පිලිබඳ අනතුරු ඇඟවීම්
තද සුළං පිලිබඳ පළාත් කිහිපයකට ඇම්බර් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත් සඳහා තද සුළං සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.
ඇම්බර් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව පැවසුවේ කාලගුණ නිවේදනය හෙට (19) පෙ.ව. 10.00 දක්වා ක්‍රියාත්මක බවයි.
එබැවින්, නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු-මැද පළාත්වල විටින් විට පැයට කිලෝමීටර 50-60 ක පමණ තද සුළං අපේක්ෂා කළ හැකිය.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 30-40 ක පමණ තරමක් තද සුළං අපේක්ෂා කළ හැකිය.
