අදම දැනුවත්වන්න - දිවයින පුරාම පෙබරවාරි 1වනදා සිට කරන්න යන දේ..
By Sewvandhi
සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ, සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ග නැවත පෙබරවාරි 01 වනදා සිට දීපව්‍යාප්ත වර්ජනයක් ලෙසින් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.
ආර්ථික යුක්තිය ඉටුකරගැනීම සඳහා මෙම පියවර ගන්නා බවයි, ඔවුන් පවසන්නේ.
එමෙන්ම ජනවාරි 23 වනදා සිට ඉදිරියට දීපව්‍යාප්තව රටපුරා රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට ද තීරණය කර තිබේ.
රෝගීන්ට සිදුවන අපහසුතාව අවම කිරීමට අපට ගත හැකි සියලු පියවර ගැනීමට අප උත්සාහ කරන අතර මෙම ගැටලුව කඩිනමින් විසදීම රජය සිදු කිරීම මගින් සියලු පාර්ශ්ව වෙත සිදුවන මෙම අපහසුතා වැළැක්විය හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.
Sponsored By Sarrita Jewellery