සඳුදා සිට දින තුනක් දිවයින පුරා පාසල්වලට කුමක් වෙයි ද?. එකවරම ගත්ත තීරණයක් මෙන්න.

Report

සමස්ත ලංකා එකමුතු අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

සඳුදා සිට දින තුනක් දිවයින පුරා පාසල්වලට කුමක් වෙයි ද?. එකවරම ගත්ත තීරණයක් මෙන්න. | Strike Education Non Academic Employees

ඒ මේ මස 24, 25 හා 26 දිනයන් හි දීප ව්‍යාප්තව පාසල්වල සේවය කරනු ලබන සියලු තනතුරුවලට අයත් අනධ්‍යයන සේවකයන් අසනීප නිවාඩු වාර්තා කිරීමට පියවර ගන්නා බවයි.

එයට හේතුව වන්නේ දිවයින පුරා රජයේ පාසල්වල සේවය කරනු ලබන අධ්‍යාපන අනධ්‍යයන සේවකයන්ගේ වෘත්තීමය ගැටලු සම්බන්ධයෙන් රජය මගින් මෙතෙක් විසඳුමක් ලබා නොදීමයි.

එහි සභාපති කුමුදු එස්. කටපොලුගෙ සඳහන් කළේ උසස්විම් ක්‍රමවේදයක් මෙතෙක් ලබා නොදීම, ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොකිරීම, ක්‍රමානුකූල ස්ථාන මාරුවීම් ක්‍රමවේද නොතිබීම, තනතුරු නාම නිසියාකාර ව ක්‍රියාත්මක නොවීම, ඇතැම් විදුහල්පතිවරුන්ගේ තාඩන පීඩන නැති පරිසරයක් නොවීම, අතිකාල දීමනා නොගෙවා වැඩ ගැනීම ආදී ගැටලු රැසක් මුල් කරගනිමින් මෙය සිදු කරන බවයි.

දුකෙන් හිටිය ලංකාවටම සුබ ආරංචියක් - ඉතිහාසයම අලුත් කළ ක්‍රිකට් ගැන ඇහෙන හිතාගන්නවත් බැරි ඒ සතුට..

දුකෙන් හිටිය ලංකාවටම සුබ ආරංචියක් - ඉතිහාසයම අලුත් කළ ක්‍රිකට් ගැන ඇහෙන හිතාගන්නවත් බැරි ඒ සතුට..


එමෙන්ම, උපාධි ඩිප්ලෝමාධාරීන් සඳහා නිසි ක්‍රමවේද ක්‍රියාත්මක නොවීම, වාරාන්තර නිවාඩු නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සහ ජීවත් විය හැකි පරිදි වැටුප් විෂමතා ඉවත් කිරීම, පාසල් කටයුතු අවසන් කර 1.30ට පාසලෙන් බැහැරවීමට අවස්ථාව ලබාදීම සහ තනතුරට අදාළ රාජකාරියේ පමණක් සේවකයන් නොයෙදීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පාලකයන් දැනුවත් කළ ද කිසිදු ප්‍රතිඵලයක් නොවීම මත ඔවුන් වැඩ වර්ජනය සිදු කරන බව ද වාර්තා වේ.