දුකෙන් හිටිය ලංකාවටම සුබ ආරංචියක් - ඉතිහාසයම අලුත් කළ ක්‍රිකට් ගැන ඇහෙන හිතාගන්නවත් බැරි ඒ සතුට..

Report

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්විණ.

දුකෙන් හිටිය ලංකාවටම සුබ ආරංචියක් - ඉතිහාසයම අලුත් කළ ක්‍රිකට් ගැන ඇහෙන හිතාගන්නවත් බැරි ඒ සතුට.. | Sri Lanka Women S Third And Final Odi Match

එහිදී ලකුණු 161කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසියේ ය.

නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 06ක් දැවී ඔවුන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 275ක් විය.

එම ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ලකුණු 91ක් රැස් කළ අතර නිලක්ෂිකා සිල්වා ලකුණු 63ක් ලබා ගත්තේ ය.

එමෙන්ම, අනුෂ්කා සංජීවනී ලකුණු 55ක් ලබා ගත්තා ය.

මෙන්න දැන් ලැබුන විශේෂ නිවේදනයක් - එළියට බහින ඔයාට හිතා ගන්නවත් බැරි දෙයක් වෙන්න යයි..

මෙන්න දැන් ලැබුන විශේෂ නිවේදනයක් - එළියට බහින ඔයාට හිතා ගන්නවත් බැරි දෙයක් වෙන්න යයි..


ඉන් අනතුරුව පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර 34 පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 115ක් පමණක් වේ.

කෙසේ වෙතත්, ඒ අනුව තරගාවලිය තුනට බිංදුවක් ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කළේ ය.