වැඩි මිලට බඩු වික්කොත් වෙළෙඳුන්ට වැඩ වරදී
මෙරට බලපෑ ආපදා තත්ත්වය හමුවේ භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශ කර තිබේ.
එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් දැනුම්දෙන ලෙසයි.
තවද දිස්ත්‍රික්ක මට්ටමින් පිහිටුවා ඇති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කාර්යාල වෙත එම පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත .