ලෝකයම කැළඹෙයි- ඇමරිකානු කඳවුරකට ඉරානයෙන් දැවැන්ත මිසයිල ප්‍රහාරයක්!
ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසාන් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරානය තහවුරු කර ඇත.
එම ප්‍රහාරයෙන් එරට ඉන්ධන ගබඩාවක සහ පතොරම් ගබඩා කිහිපයක ගින්නක් ද හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම ප්‍රහාරය ඉරාන වෙරළබඩ හමුදා කඳවුරු වෙත අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමේ පළමු අදියර වන බව නිවේදනයක් නිකුත් කරමින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කර තිබේ .
මේ අතර අමෙරිකාව සහ ඉරාන හමුදා අතර දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ
මේ හේතුවෙන්, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට සහ තවත් දින 60ක සාකච්ඡාවලින් පසුව යුද්ධය අවසන් කිරීම අරමුණු කරගනිමින් පසුගිය මාසයේදී අත්සන් කරන ලද අමෙරිකා-ඉරාන අතුරු ගිවිසුම පිළිබඳව තවදුරටත් සැක මතු වී ඇත.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයේ පාලනය තමන් සතුවවිදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ