ශ්‍රී ලංකාවේ හේවිසි නාදය ලෝක උරුමයක් කිරීමට පියවර...
By Parami Dissanayake
හේවිසි වාදනය ලෝක උරුමයක් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක පාරම්පරික හේවිසි වාදකකරුවන් ඇගයීමේ උත්සවයකට එක් වෙමින් පවසා සිටියේ ය.
ඒ, වැලිමඩ දඹවින්න පුරාණ රජමහා විහාරයේදී පැවැති උත්සවයකට සහභාගී වෙමින් ය.
මෙහිදී වැලිමඩ ඌව පරණගම පාරම්පරික හේවිසි වාදකකරුවන් ඇගයීමට ලක් කර තිබේ.