විදේශගතව සිටින සැකකරුවන් ගෙන්වා ගැනීමට කටයුතු කරනවා - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
By Hashini
රට තුළ අපරාධ සිදු කිරීමෙන් පසු විදේශගත වූ පුද්ගලයින් 20 කට වැඩි පිරිසක් නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොලිසිය අනාවරණය කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ සැකකරුවන් දැනට ඩුබායි, ඉන්දියාව සහ කැනඩාව ඇතුළු රටවල පදිංචිව සිටින බවයි.
එසේම ඔවුන් නැවත ගෙන්වා ගැනීමේ කටයුතු දැනටමත් සිදුවෙමින් පවතින බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.
මෑත සතිවලදී, පාතාල අපරාධකරුවන් කිහිප දෙනෙකු දැනටමත් විදේශයන්ගෙන් ආපසු ගෙන්වා ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.