දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනය අරඹයි.. රට පුරා 4.30 සිට වෙන්න යන දෙය මෙන්න..
අද (30) පස්වරු 4:30 සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරීවලින් ඉවත් වෙන බව දැනුම් දී තිබෙනවා.
ඒ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.
ඒ අද පස්වරුවේ රැස්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ විධායක සභාව වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට ගෙන ඇති තීරණය හේතුවෙන් ය.
මෙම තීරණය ගෙන ඇත්තේ ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් සමග පැවැති සාකච්ඡාව අසාර්ථකවීම හේතුවෙන් ය.
ඒ හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම තීරණය ගෙන තිබෙනවා.
මේ අතර, සුමේධ සෝමරත්න මහතා ඊයේ (29) සඳහන් කළේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග පැවැති සාකච්ඡා ද අසාර්ථක වූ බව ය.