අද ටෙහරානය එකම හිස් ගොඩක් - ආරක්ෂාවත් දැඩි ලෙස තර කෙරේ
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ඉරානයේ හිටපු උත්තරීතර ආධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කමේනිගේ නිල අවමංගල්‍ය උත්සව කටයුතු අද (04) අලුයම සිට ආරම්භ වී තිබේ.
ඉකුත් පෙබරවාරි 28 වැනිදා එල්ල වූ මාරක ප්‍රහාරයෙන් උන්වහන්සේ අභාවප්‍රාප්ත වුවද, එකල කලාපය තුළ පැවැති උච්චතම යුද වාතාවරණය හේතුවෙන් ඉස්ලාමීය චාරිත්‍රානුකූලව වහාම අවසන් කටයුතු සිදු කිරීමට නොහැකි විය.
ඒ අනුව, වියෝවෙන් මාස 4ක් වැනි දීර්ඝ කාලයක් ගතවීමෙන් පසුව සිය ප්‍රමුඛතම ආධ්‍යාත්මික නායකයාට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව ඉරාන වැසියන්ට උදාවී ඇත.
ලංකාවටම සුබ ආරංචියක් - අද මධ්‍යම රාත්‍රියේ සිට බත්, කොත්තු, රයිස්, කිරි, තේ ඇතුළු මේ කෑමවල මිල අඩු වෙයි
ඉරාන ජාතික ධජයෙන් සරසන ලද කමේනිගේ දේහය මේ වන විට ටෙහෙරාන් අගනුවර පිහිටි ග්‍රෑන්ඩ් මොසල්ලා ඉස්ලාම් දේවස්ථාන පරිශ්‍රයේ තැන්පත් කර තිබේ.
සිය නායකයාගේ අභාවයෙන් දැඩි සේ කම්පනයට පත් දහස් සංඛ්‍යාත මහජනතාව අලුයම සිටම දිගු පෝලිම්වල රැඳී සිටිමින් යාඥා මන්දිරයේ දොරටු විවෘත කිරීමත් සමඟ අවසන් ගෞරව දැක්වීමට එක්වූහ. මෙම අවස්ථාවට ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙශ්කියන්, විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි සහ ඉරාන විප්ලවීය මුරභට බළකායේ වැඩබලන ප්‍රධානී අහ්මඩ් වහීඩි ඇතුළු එර රට දේශපාලන හා ආරක්ෂක අංශවල ඉහළම ප්‍රධානීන් පිරිසක් සහභාගී වී සිටියහ.
දශක තුනකට වැඩි කාලයක් (වසර 37ක්) ඉරානය මෙහෙයවූ මෙම ශ්‍රේෂ්ඨ නායකයා වෙනුවෙන් ලොව පුරා රාජ්‍යයන් 100කට අධික සංඛ්‍යාවක නියෝජිතයන් පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක රිස්වි සාලි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන මහත්වරු මේ සඳහා එක්ව සිටිති.
මීට අමතරව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්, හමුදාපති අසීම් මුනීර් මෙන්ම රුසියාව, චීනය, ඉන්දියාව, තුර්කිය, ඉරාකය, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය ඇතුළු ලොව බලවත් රාජ්‍යයන් රැසක රාජ්‍ය තාන්ත්‍රිකයෝ ද අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටිති.
අවමංගල්‍ය රාජ්‍ය උත්සවය නිමිත්තෙන් ටෙහෙරාන් නුවර රජයේ සහ පෞද්ගලික ආයතන දින කිහිපයකට වසා දමා ඇති අතර, ප්‍රධාන මහා මාර්ග රැසක ගමනාගමනය සීමා කර ඇත.
නගරය පුරා යුද හමුදා ආරක්ෂාව තර කර ඇති අතර, ගුවන් සීමාවන් ද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අයතොල්ලා අලි කමේනිගේ දේහය දින 3ක් පුරා ටෙහෙරාන් නුවර මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබීමෙන් අනතුරුව, ඉරානයේ ෂියා මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ නගරයක් වන කොම් නුවර වෙත රැගෙන යාමට නියමිතය.
ඉන්පසුව ඉරාකයේ පිහිටි ෂියා භක්තිකයන්ගේ පූජනීය නගර වන නජාෆ් සහ කර්බාලා වෙත දේහය රැගෙන ගොස්, අවසානයේ කමේනිගේ උපන් බිම මෙන්ම ෂියා දහමේ ආධ්‍යාත්මික කේන්ද්‍රස්ථානයක් වන මෂාඩ් නුවර පිහිටි ඉමාම් රේසා දේවස්ථානයේදී නිල භූමදාන කටයුතු සිදු කෙරේ.
අවසන් කටයුතුවලින් පසුව ද දින 40ක් පුරා රට පුරා නිල ගුණානුස්මරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඉරාන රජය සැලසුම් කර ඇත.