කාවඩි නටන්න ගිය තරුණයාගේ අත දෙකට කපලා..

By Piyumika Jul 29, 2024 06:42 AM GMT
Report

නෝනගම වැලිපටන්විල උසන්ගොඩ පන්සලේ පෙරහැරේ කවාඩි නැටීමට නිවසින් පිටව ගිය තරුණයකුගේ දකුණු අත තියුණු ආයුධයකින් කපා බරපතල තුවාල සිදුවිම හේතුවෙන් එම තරුණයා රෝහල් ගත කර ඇති බව හුංගම පොලිසිය පැවසීය .

මෙසේ බරපතල ලෙස දකුණු අත වැලමිටට උඩින් වෙන් වෙන තරමටම කැපිමට ලක් වී ඇත්තේ උහපිටගොඩ පෝරුට් නිවාස වල පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

මේ අනුමැතීන් දෙක නැත්තම් නගර සංවර්ධන සැලසුම් වලට ඉඩ නෑ..

මේ අනුමැතීන් දෙක නැත්තම් නගර සංවර්ධන සැලසුම් වලට ඉඩ නෑ..

අත කැපිමට යොදාගත් දිගැති තියුණු ආයුධයක්ද යතුරු පැදිය අසල වැටී තිබි හමුව ඇතැයි පොලීසිය වාර්තා කලේය .

සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ සිදු කරයි