2025 මුල් මාස දෙක තුළ ලංකාවේ සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 768 ඉක්මවයි

Report

2025 වසරේ පළමු මාස දෙක තුළදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ඇත.

ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය 2025 වසර තුළ විදෙස් සංචාරකයින් මිලියන 3ක ඉලක්කයක් සපුරාලීමට බලාපොරොත්තු වෙයි.

සංචාරක කර්මාන්තය, ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කරන ප්‍රමුඛ ආදායම් මාර්ගයක් ලෙස, මේ වන විට සැලකිය යුතු ප්‍රගතියක් දක්වයි.

සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි

සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි

එමෙන්ම 2025 මුල් මාස දෙක තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 768 ඉක්මවා ඇත.

2024 වසරේදී බලාපොරොත්තු වූ පරිදි විදෙස් සංචාරකයින් මිලියන 2ක ඉලක්කය සාර්ථකව ඉටු කරගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

2025 වසරේ පළමු මාස දෙක තුළදී ලක්ෂ 5කට අධික විදෙස් සංචාරකයින් පැමිණීම මෙම ක්ෂේත්‍රයේ තවදුරටත් ධනාත්මක බලාපොරොත්තු ඇති කරයි.

මාස්ටර් ලීග් කිරුළ අසල්වැසි ඉන්දියාවට!

මාස්ටර් ලීග් කිරුළ අසල්වැසි ඉන්දියාවට!

සංචාරක සංවර්ධන අධිකාරියට අනුව, 2025 ජනවාරි 1 සිට මාර්තු 5 දක්වා විදෙස් සංචාරකයින් 530,746ක් දිවයිනට පැමිණ ඇත.

මෙහිදී වැඩිම සංචාරකයින් පිරිස වන 84,476ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.

දෙවන තැනට රුසියාවෙන් 70,000කට වැඩි පිරිසක් ද, තෙවන තැනට එක්සත් රාජධානියෙන් 50,000කට වැඩි පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ හැරුණු කොට ජර්මනිය, ප්‍රංශය, චීනය වැනි රටවලින් ද සැලකිය යුතු සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇති අතර, මාර්තු මස පළමු දින 5 තුළ පමණක් විදෙස් සංචාරකයින් 37,768ක් පැමිණ තිබේ.