සෞදි අරාබියේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් - මේ අංකයට අමතන්න

Report

සෞදි අරාබියේ සිටින ලාංකිකයන්ට එරට පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දී ඇත්තේ මැදපෙරදිග කලාපයේ වර්තමාන ආරක්ෂක තත්ත්වයේ ඇතිවෙමින් පවතින වෙනස්කම් සම්බන්ධයෙන් අවධානයෙන් සහ සැලකිලිමත්ව සිටින ලෙසයි. හදිසි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, නිල ආරංචි මාර්ගයන් මත පමණක් විශ්වාස තබන ලෙසය.

සෞදි අරාබි රාජධානියේ අධිකාරීන් විසින් නිකුත් කරනු ලබන උපදෙස් මෙන්ම රියාද්හි ශ්‍රී ලංකා තානාපති සහ ජෙඩාහි කොන්සල් ජනරල් කාර්යාල විසින් නිකුත් කරන උපදෙස් අනුව කටයුතු කරන ලෙසට ද ඔවුන් ඉල්ලා සිටියි.

පාකිස්ථානයත් ඇවිලෙයි - ඇමරිකානු තානාපති කාර්යාලයට ගිනි තබා ප්‍රහාර

පාකිස්ථානයත් ඇවිලෙයි - ඇමරිකානු තානාපති කාර්යාලයට ගිනි තබා ප්‍රහාර

අසත්‍ය තොරතුරු පැතිරවීමෙන් වළකින ලෙසත් ආරක්ෂක උපදෙස් නිකුත් කර ඇති ප්‍රදේශවලට ගමන් කිරීමෙන් වැළකී සිටින ලෙසත් තානාපති කාර්යාලය ඉල්ලීමක් සිදුකර තිබේ. එමෙන්ම සියලු ගමන් ලේඛන සහ හඳුනාගැනීමේ ලේඛන පහසුවෙන් ලබාගත හැකි ලෙස තබාගත යුතු වේ.

ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සැපයීම සඳහා තානාපති කාර්යාලය විසින් පැය 24 පුරා ක්‍රියාත්මක වන දුරකතන අංක හඳුන්වාදී ඇත.

මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක් - විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක් - විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

ඒ අනුව +966 54 947 7567 සහ +966 56 982 2700 යන අංක හරහා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ විය හැකිය.

+966 56 975 3380 යන අංකය හරහා Whatsapp හෝ IMO පණිවුඩ සඳහා භාවිත කරන ලෙස තානාපති කාර්යාලය ඉල්ලා සිටියි.

slemb.riyadh@mfa.gov.lk විද්‍යුත් තැපෑල හරහා තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතියි.

සෞදි අරාබියේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් - මේ අංකයට අමතන්න | Sri Lankans In Saudi Advised Middle East Tensions