කඩා වැටුණු ලංකාව වෙනුවෙන් තවත් සුන්දර රටකින් ලොකු මුදලක්

Report

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීමට යොමු වූ ‘Rebuilding Sri Lanka’ අරමුදලට සයිප්‍රසයේ, පැෆොස් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් පසුගිය දා පරිත්‍යාගයක් සිදුකර තිබේ.

දුක් සෝසුසුම් මැද ජීවිත අරගලයක යෙදී සිටින අපේම මිනිසුන්ගේ ජීවිත නැගිණීමේ අරමුණින් මෙම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙකු එකතුවී රුපියල් මිලියනයක් පරිත්‍යාග කර තිබේ.

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

‘Rebuilding Sri Lanka’ අරමුදලට පෙර දෙසැම්බර් මස 02 වන විට විදෙස්ගත ශ්‍රමිකයන් 19,000කට අධික පිරිසක් මුදල් බැර කර තිබෙන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

භයානකයි - විදුහලක ගොඩනැගිලි 6ක් ගිලා බැසීමේ අවදානමක

භයානකයි - විදුහලක ගොඩනැගිලි 6ක් ගිලා බැසීමේ අවදානමක

මේ අතර, 2025 දෙසැම්බර් 10 වන දින වනවිට ‘Rebuilding Sri Lanka’ වැඩසටහනට දේශීය වශයෙන් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ විවිධ ආයතනවලින් රුපියල් මිලියන 1,893ක මුදලක් මූල්‍යාධාර වශයෙන් ලබාගෙන තිබේ.