රුසියානු හමුදාවට ශ්‍රී ලාංකිකයින් බඳවාගැනීම ගැන ගත් අලුත්ම තීරණය.

Report

සංවර්ධනය වමින් පවතින රටවල් සමඟ පැවැත්වෙන බ්‍රික්ස් විදේශ අමාත්‍ය සැසිවාරය – 2024 සඳහා සහභාගී වීමට මේ වන විට රුසියාවට ගොස් සිටින විදේශ අමාත්‍ය අලි සබ්රි ඊයේ (10) රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගෙයි ලැව්රොව් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

එහිදී සංචාරක, උසස් අධ්‍යාපන සහ ආර්ථික සහයෝගිතාව යන ක්ෂේත්‍රවලද ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට විදේශ අමාත්‍යවරු දෙදෙනා එකඟ වී ඇත

පාසල නිමවීමට ඔන්න මෙන්න තිබියදී සිසුන් හා ගුරුවරුන් ඇතුළු 35කට දැඩි ප්‍රහාරයක්. - එක් සිසුවෙකුට බරපතලයි.

පාසල නිමවීමට ඔන්න මෙන්න තිබියදී සිසුන් හා ගුරුවරුන් ඇතුළු 35කට දැඩි ප්‍රහාරයක්. - එක් සිසුවෙකුට බරපතලයි.


එමෙන්ම මෙහිදී, අමාත්‍ය සබ්රි , රුසියානු සන්නද්ධ හමුදාවලට බැඳුණු ශ්‍රී ලාංකික පුරවැසියන් පිළිබඳ ගැටලුව කෙරෙහි රුසියානු විදේශ අමාත්‍යවරයාගේ අවධානය යොමු කරවූ අතර ඔවුන් මුහුණ දෙන ගැටලු විසැඳීම සඳහා ඔහුගේ සහය ඉල්ලා සිටිනවා.

2025 ජනවාරියේ සිට ක්‍රියාත්මක වන අලුත් බදු ප්‍රතිපත්තිය ගැන දන්නවද? - කැබිනට් අනුමැතියත් හිමිවෙලා.

2025 ජනවාරියේ සිට ක්‍රියාත්මක වන අලුත් බදු ප්‍රතිපත්තිය ගැන දන්නවද? - කැබිනට් අනුමැතියත් හිමිවෙලා.


මේ සම්බන්ධයෙන්, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නියෝජිත පිරිස සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර 2024 ජූනි 26 – 27 යන දිනවල පැවැත්වීමට නියමිත ඉදිරි රැස්වීමේදී මෙම ගැටලු සවිස්තරාත්මකව සමාලෝචනය කොට තත්ත්වය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ එකඟතාවක් ඇති කර ගැනිණි.

එමෙන්ම අමාත්‍ය අලි සබ්රි ගේ ඉල්ලීම පරිදි, මින් ඉදිරියට ශ්‍රී ලංකාවෙන් රුසියානු හමුදාවලට බඳවා ගැනීම් සිදු නොකිරීමටද එකඟතාවක් ඇති කර ගෙන තිබෙනවා. 

මඟ බලන් හිටපු සුබ ආරංචිය. - වාහන ආනයනය ගැන කැබිනට්ටුව තීන්දුව ගනී. - මුලින්ම ගෙන්වන වාහන මෙන්න.

මඟ බලන් හිටපු සුබ ආරංචිය. - වාහන ආනයනය ගැන කැබිනට්ටුව තීන්දුව ගනී. - මුලින්ම ගෙන්වන වාහන මෙන්න.