ලංකාවේ කුළුබඩුවලටත් බදු සහන ඕනෑ.... කුළුබඩු ආනයනකරුවන් කියයි

Report

ඇමරිකා එක්සත් ජනපදයේ කුළු බඩු ආනයනකරුවන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර තිබෙන්නේ ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් ආනයනය කරන කුළු බඩු නිෂ්පාදන සඳහා තීරු බදු සහනයක් ලබා දෙන ලෙසයි.

ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44 ක තීරු බද්දක් පැනවූ අතර,පසුව එම තීරු බදු අය කිරීම දින 90 ක කාලයක් දක්වා කල් දැමීමට පියවර ගන්නා ලදි.

මෙරට කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන වලින් සියයට 15 ක්ම අපනයනය කෙරෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයටය.

එසේම මෙරට රබර් ආශ්‍රිත නිෂ්පාදනවලින් සියයට 33 ක්ද, පොල් ආශ්‍රිත නිෂ්පාදනවලින් සියයට 18 ක්ද ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කෙරෙනවා.

උත්සව සමයේ බස් රථ සේවා සම්බන්ධයෙන් පැමිණිලි 143ක්

උත්සව සමයේ බස් රථ සේවා සම්බන්ධයෙන් පැමිණිලි 143ක්