IPL ක්‍රිකට් තරගාවලියේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩක ලැයිස්තුව තරග සංවිධායකයින් විසින් අද දින එළිදැක්වු අතර මෙම වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 333ක් ඉදිරිපත් කර ඇති අතර ඉන් ක්‍රීඩකයින් 214ක් ම ඉන්දීය ක්‍රීඩකයින් වීම විශේෂත්වයකි.
විදෙස් ක්‍රීඩකයින් 119 දෙනා අතරින් 8 දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන අතර එම අගය සහිත කාණ්ඩයෙන් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ වනිඳු හසරංගයි.
සෙසු ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස්, ඩිල්ශාන් මදුශංක, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර සහ නුවන් තුෂාර රුපියල් ලක්ෂ 50ක කාණ්ඩයෙන් මෙවර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇත.