ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට IPL තරඟත් අහිමි වන ලකුණු..
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නම් ඉවත් කිරීමට සැලැසුම් ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පනවා ඇති තාවකාලික තහනම හේතුවෙන් මෙම පියවර ගැනීමට නියමිත බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.
විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙරට ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වයට රජය මැදිහත් වීම ඇතුළු කරුණු කිහිපයක් ඊට පසුබිම වී ඇති බවයි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලියේ ඊළඟ රැස්වීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම පිළිබඳව කොන්දේසි ඉදිරිපත් කිරීමට නියමිතයි.
ලබන මස 19 වනදා ඩුබාහි දී ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමටසැලසුම් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම කාලය වන විට ශ්‍රී ලංකාවට පනවා ඇති තාවකාලික ක්‍රිකට් තහනම ඉවත් නොකරන්නේ නම් එම ක්‍රීඩකයින්ගේ නම් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට සිදු වන බවයි.
