බිරිදගේ නැගණියගේ සහ තවත් වෛද්‍යවරියකගේ නිරුවත් දර්ශන බැලූ වෛද්‍යවරයා. - කැමරාව හමු වූ තැන.

Sri Lanka Police Doctors
By Wayomi Jul 14, 2024 07:20 AM GMT
Wayomi

Wayomi

Report

යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු සිය නිවසේ නාන කාමරය තුළ කැමරා පද්ධතියක් සවිකොට බිරිදගේ නැගණියගේ හා තවත් තරුණ වෛද්‍යවරියකගේ නිරුවත් දර්ශන නරඹා තිබෙනවා.

මේ දැනගත් බිරිඳ විසින් වෛද්‍යවරයාට පහර දී ඊයේ (13) නිවසින් එලවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එදිනම එම කාන්තාව යාපනයේ නීතිඥවරයෙකු හමු වී අදාල වෛද්‍යවරයාගෙන් දික්කසාද වීම සදහා අවශ්‍ය පියවරද ගෙන ඇත.

අරක්කු මිල අඩු කෙරේ.? - ජනපතිවරයා දැක්වූ ප්‍රතිචාරය මෙන්න.

අරක්කු මිල අඩු කෙරේ.? - ජනපතිවරයා දැක්වූ ප්‍රතිචාරය මෙන්න.


යාපනය ශීක්ෂණ රෝහලේ සේවය කරන මෙම වෛද්‍යවරයා යාපනය තිරුණවේලී ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට ඇති අතර එහි බිරිදගේ මව, නැගණිය හා තවත් තරුණ වෛද්‍යවරියක් ජීවත් වී තිබෙනවා.

බොහෝ කලක සිට සිය ස්වාමියාගෙන් විශාල වෙනසක් බිරිදට දක්නට ලැබුණු නිසා ඇය ඔහු කෙරෙහි දැඩි විපරමෙන් සිට ඇති අතර දිනක් නාන කාමරයේ ජල නල පද්ධතියේ වූ දෝෂයක් නිවැරදි කර ගැනීම පිණිස බිරිද විසින් ජල නල කාර්මිකයෙකු කැදවා ඔහුට දෝෂ ගැන පවසා ඇත.

නාන කමරයේ ජල නල දෙකක් කැඩී ගොස් තිබූ නිසා කාර්මිකයා එම නල දෙක ගැලවීමේදී ඒ තුළ කැමරා දෙකක් සවිකොට ඇති බව දැක නිවසේ කාන්තාවට ඒ බව දැනුම් දී තිබෙනවා.

මධුෂ් සමග බිස්නස් කල ව්‍යාපාරිකයින්,දේශපාලකයින් කංජිපානිගෙන් බේරෙන්න පාතාලයේ සහාය ඉල්ලයි.

මධුෂ් සමග බිස්නස් කල ව්‍යාපාරිකයින්,දේශපාලකයින් කංජිපානිගෙන් බේරෙන්න පාතාලයේ සහාය ඉල්ලයි.


කාන්තාව සැමියාගෙන් ඒ බව ප්‍රශ්න කිරීමේදී තමන් කිසිවක් නොදන්නා බව පැවසුවත් ඔහුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී ඇයගේ නැගණියගේ හා තරුණ වෛද්‍යවරියගේ නිරුවත් දර්ශන රැසක් නාන කාමරයට සවි කරන ලද කැමරාව ඔස්සේ ලබා ගෙන ජංගම දුරකතනයේ සටහන් කරගෙන සිටියදී බිරිදට හමු වී ඇති බව සඳහන්.

ඒ අවථාවේදීම බිරිද වෛද්‍යවරයට පහර දී නිවසින් එලවා දමා ඇති අතර බිරිද වෛද්‍යවරයාගෙන් දික්කසාද වීමට සියලු කටයුතු යොදා තිබෙනවා.

නිවසින් එලියට දැමූ වෛද්‍යවරයා මිතුරෙකුගේ කාමරයක සිටින බව දැනගත් කාන්තාව එම නිවසට ගොස් වෛද්‍යවරයා කළ ක්‍රියාව ඔහුටද පවසා ඔහුව නිවසින් එලියට දමන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. 

කොලිටි අඩු PHOTOS හොඳ HD Quality එකකින් Whatsapp යවාගන්නේ කොහොමද කියලා දන්නවද? - (VIDEO)

කොලිටි අඩු PHOTOS හොඳ HD Quality එකකින් Whatsapp යවාගන්නේ කොහොමද කියලා දන්නවද? - (VIDEO)