ක්‍රිකට් ලෝලීන් බලා සිටි ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරග අද සිට..
By Piyumika
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (20) ආරම්භ වීමට නියමිතව තිබේ.
දිවා-රාත්‍රී තරග ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ සියලු තරග පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව පළමු තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය.
දෙරට අතර තරග 03කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 2-1 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
අද තරගයේ දී දඟ පන්දුවට හිතකර තණතීරුවක් බලාපොරොත්තු විය හැකි බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියා සිටියේය.