ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කරමින් ලංකාවට සුපිරි ජයක්..

By Sewvandhi Jun 23, 2023 11:25 AM GMT
Report

අද දිනයේ ලංකාව හා ඕමානය අතර පැවති තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

මෙහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් කරුණාරත්න අර්ධ ශතකයක් රැස් කළා.

පන්දු 51කට මුහුණදුන් දිමුත් හතරේ පහර 8ක් සමඟ නොදැවී ලකුණු 61ක් රැස්කරගැනීමට සමත්විය. පැතුම් නිස්සංක පන්දු 39කදී නොදැවී ලකුණු 37ක් රැස්කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕමානය පන්දුවාර 30යි පන්දු 2කදී ලකුණු 98කට සියලුදෙනා දැවී ගියේය.

සුපිරි පන්දු යැවීමක නිරතවූ වනිඳු හසරංග ලකුණු 13කට කඩුලු 5ක් දවාගැනීමට සමත්විය. ලහිරු කුමාර කඩුලු 3ක් සහ කසුන් රාජිත එක් කඩුල්ලක් දවාගත්තේය.