උඩ පන්දුවක් කියා නොදැන රැකගත් පන්දුව නිසා බංගලියන් කම්පාවූ හැටි..ධනංජය 99න් බේරෙයි..(VIDEO)
මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ, ශතකය රැස්කිරීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා දවාගැනීමට තිබූ අවස්ථාවක් ගිලිහී ගිය අයුරු දැක්වෙන වීඩියෝවක් හුවමාරු වෙමින් පවතී.
එහි දැක්වෙන්නේ ලකුණු 94ක් රැස්කරගෙන සිටියදී ධනංජය ද සිල්වාගේ අත් ආවරණයේ වැදී ආරක්ෂිතව කඩුලු රකින ක්‍රීඩකයා විසින් රැකගත් ද එය උඩපන්දුවක් බව නොදැන කිසිදු ඉල්ලීමක් නොකර සිටීමය.
එම අවස්ථාවේදී ඔහු ස්ටම්ප් කිරීමක් හරහා ධනංජය දවාගැනීමට උත්සාහ කරන අතර දාස් එම අවධානයෙන් සිටීම හේතුවෙන් ඔහු රැකගත්තේ උඩපන්දුවක් බවට නොදැන සිටින්නට ඇති බවට සිතිය හැකිය.
එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්.