පශු වෛද්‍යවරුන් වැඩ වැඩවර්ජනයක

Report

පැය 24ක සංකේත වැඩ වැඩවර්ජනයක් අද (09දා) උදෑසන 6:00 සිට සිදුකරන බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රජය පශු වෛද්‍යවරුන් සඳහා වෙන් වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර ඇති පසුබිමක එය කඩාකප්පල් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරියෙකු දිගින් දිගටම කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස වැඩවර්ජනයකට යෑමට තීරණය කළ බව එම සංගමය පෙන්වා දෙයි.

පොසොන් උත්සවයට යනවනම් මේ APP එක අනිවාර්යයෙන්ම දාගන්න (PHOTO)

පොසොන් උත්සවයට යනවනම් මේ APP එක අනිවාර්යයෙන්ම දාගන්න (PHOTO)

ඒ හේතුවෙන් රජයේ සියලුම පශු වෛද්‍ය කාර්යාලවල කටයුතු අඩපණ වන බවත් සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, වරාය සහ ගුවන්තොටුපොළේ සත්ත්ව නිරෝධායන මධ්‍යස්ථාන සහ පළාත් පාලන ආයතනවල පශු වෛද්‍යවරුන්ගේ සේවා අඩාළ වීමට නියමිත බවත් එම සංගමය සඳහන් කරයි.

ගැටලුවලට නිසි විසඳුම් නොලැබුණ හොත් ඉදිරියේදීද වෘත්තීය ක්‍රියා මාර්ග සිදුකරන බවද සඳහන් කරයි.

මේ ආහාර වර්ග දෙක එකට ගත්තොත්නම් මැරෙන්න තමා වෙන්නෙ

මේ ආහාර වර්ග දෙක එකට ගත්තොත්නම් මැරෙන්න තමා වෙන්නෙ